
වැලිවේරියේ වෙඩි තැබීමක්
වැලිවේරිය පොලිස් වසමේ, ඇඹරළුව මාර්ගයේ, අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
අද (13) රාත්‍රී 09.00 ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර තුවාලකරු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.
තුවාලකරු උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු බවට අනාවරණය වී තිබේ.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිවේරිය පොලිසිය ඇතුළු විමර්ශන කණ්ඩායම් 03ක් විමර්ශන සිදුකරයි.