මරණයකින් කෙලවර වූ අනියම් පෙම

මරණයකින් කෙලවර වූ අනියම් පෙම

බියගම, මල්වාන ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබියදී ඊයේ (01) රාත්‍රියේ සොයාගත් බව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නවඳගල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි කාන්තාවකි.

දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන 32 හැවිරිදි අයෙක් කොස්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පදිංචිව සිටි කුලී නිවස තුළදී ඔහු විසින් අනියම් බිරිඳව මෙලෙස ඝාතනය කර ඇති බවයි, වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ හා බියගම පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This