මුලතිව් සමූහ මිනී වළෙන් තවත් ඇට සැකිළි කොටස් සහ ඇඳුම් කිහිපයක් හමුවෙයි

මුලතිව් සමූහ මිනී වළෙන් තවත් ඇට සැකිළි කොටස් සහ ඇඳුම් කිහිපයක් හමුවෙයි

කොටි සාමාජිකයින් විසින් ඔවුන්ගේ බෙල්ලේ එල්ලා ගෙන සිටින සයනයිඩ් කරල් දෙකක් හා නිල ඇදුම් කැබලි තොගයක් මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වලෙන් 13 දා හමු වීමත් සමගම එම සමූහ මිනී වලේ වළ දමා ඇත්තේ කොටි සාමාජිකාවන් බව තහවුරු වී තිබේ.

මේ වන විට එම සමූහ මිනී වළෙන් කාන්තා කොටි සෙබළියන් නව දෙනෙකුගේ බවට සැකකෙරෙන ඇට සැකිළි පද්ධති හමු වී ඇති අතර තවත් මිනිස් ඇට සැකිළි විශාල ප්‍රමාණයක්ද හමු වී තිබේ.

කොටි සාමාජිකයින් විසින් කරේ පලදින හදුනාගැනීමේ අංක තහඩු (ඩෝග් ටැග්) තුනක්ද, අවි ආයුධ කොටස්, පතරොම්, සයනයිඩ් කරල්, කාන්තා තනපට හා යට ඇදුම් කරාබු කැබලි හා තවත් කාන්තා උපකරණ රැසක්ද මෙම සමූහ මිනී වළෙන් හමු වී තිබේ.

මහාචාර්ය රාජ් සෝමදේවගේ අධීක්ෂණය යටතේ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් හා තවත් නිලධාරීන් රැසක් මෙම කැණීම් කටයුතු වලට සහභාගී වී සිටින අතර මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් කැණීම් කටයුතු අධීක්ෂණය කරණු ලබයි.