තම දරුවන් සිව්දෙනා ඝාතනය කලැයි 20 අවුරුද්දක් සිරබත් කෑ මවකට නිදහස

තම දරුවන් සිව්දෙනා ඝාතනය කලැයි 20 අවුරුද්දක් සිරබත් කෑ මවකට නිදහස

තම දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී සිටි ඕස්ට්‍රේලියානු කාන්තාවක් වන Kathleen Folbigg හට සමාව හිමිව තිබෙනවා.

ඒ, වසර 20ක සිර දඬුවමකින් පසුවයි.

ඕස්ට්‍රේලියානු ජනතාව විසින් ඇයව ‘ඕස්ට්‍රේලියාවේ දරුණුතම කාන්තා දාම ඝාතකයා’ ලෙස හැඳින්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇයගේ දරුවන් සිව්දෙනා මියයාම සම්බන්ධයෙන් මීට වසර 20කට පෙර (2003) ඕස්ට්‍රේලියානු ජූරි සභාව විසින් ඇය වැරදිකරු කර තිබුණා.

ඒ අනුව ඇයට වසර 25ක සිර දඬුවමක් හිමිවුණා.

ඇයගේ සෑම දරුවෙකුම 1989 සහ 1999 කාලය තුළ දින 19ත් මාස 19ත් අතර වයසකදී මිය යාම මෙයට හේතු වුණා.

නමුත්, එම දරුවන් ස්වභාවිකව මිය යන්නට ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරන බව මෑතකදී කළ විමසීමකදී හෙළිව තිබෙනවා.

ඉන් අනතුරුව කළ විමර්ශනයෙන් පසුව ඇයට මෙසේ සමාව හිමිව ඇති බව සඳහන්.

Kathleen Folbigg: Convicted serial baby killer could be exonerated as rare  genetic mutations may explain her children's deaths : r/MorbidReality

Kathleen Folbigg pardoned and released after 20 years in jail over deaths  of her four children | Australia news | The Guardian