web hit counter
දික්වැල්ලේ වෙඩි තැබීමක්

දික්වැල්ලේ වෙඩි තැබීමක්

දික්වැල්ල දෙමටපිටිය, කුමාරතුංග මාවත ප්‍රදේශයේ දී අද (13) උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අද (13) උදෑසන 07.10ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ටී 56 ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව එම කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )