හැටන් බස් නැවතුම් පොළක නාඳුනන පිරිමි මළ සිරුරක්

හැටන් බස් නැවතුම් පොළක නාඳුනන පිරිමි මළ සිරුරක්

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි බස් නැවතුම්පොලක් තුළ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් (16) සොයාගෙන තිබෙනවා.

තුවාල සහිතව පුද්ගලයෙකු බිම වැතිරී සිටින බවට එම බස් නැවතුම්පොල වෙත පැමිණි මගියෙකු විසින් පොලිසියට කළ දැනුම් දිමක් මත සිරුර සොයාගෙන තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ සිටම මියගොස් සිටින මෙම පුද්ගලයා ඒ අවට ප්‍රදේශයේ සැරිසරමින් සිටි බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතක් අනාවරණ වී නොමැති අතර සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ සිදු කරනවා.

Share This