මේරියන්ස් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවෙන් මුද්දරයක්

මේරියන්ස් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවෙන් මුද්දරයක්

මේරියන්ස් සංගීත කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මුද්දරයක් නිකුත් කර තිබෙනවා.

ඒ එම සංගීත කණ්ඩායමේ 35 වැනි සංවත්සරය වෙනුවෙන්.

කොළඹ නෙළුම් පොකුණ රගහලේ පැවති 35 වැනි සංවත්සර ප්‍රසංගයේ පළමු දිනයේදීයි, මෙම මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරනු ලැබුවේ.

මෙය සංගීත කණ්ඩායමක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිකුත් කරනු ලැබූ පළමු මුද්දරය ලෙසටයි සැලකෙන්නේ.

ප්‍රථම කවරය මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා මහතා වෙත තැපැල්පතිවරයා අතින් පිරිනැමුණි.

මෙම අවස්ථාවට තැපැල් දෙපාර්තමේන්තු මෙහෙයුම් ප්‍රධානී නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ,බස්නාහිර පලාත් නියෝජ්‍ය තැපැල්පති සිසිර කුමාර වල්ලාවිට,අධ්‍යක්ෂ මුද්දර කාර්‍යාංශය ලංකා ද සිල්වා,ප්‍රදේශීය තැපැල් අධිකාරී කොළඹ චම්පික පෙරේරා මහතා ඇතුලු පිරිසක් එක්වුහ.