පහර දීමකින් තරුණයෙක් මරුට

පහර දීමකින් තරුණයෙක් මරුට

පලෙයි පොලිස් වසමේ මුහමාලේ ප්‍රදේශයේ දී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.

මෙම පහර දීම පසුගිය 31 වනදා සිදුව ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (03) පස්වරුවේ මියගොස් ඇත

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි කොඩිකාමන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පුද්ගලික ආරවුලක් මත මරණකරුගේ සහෝදරියගේ පුරුෂායා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙයි.

සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 31 හා 34 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.