කලවාන රෝහලේ දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට

කලවාන රෝහලේ දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට

කලවාන රෝහලේදී ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර සිදුවූ ගැටුමකින් පිහි පහර කා පුද්ගලයෙක් මරණයට පත්ව ඇතැයි කලවාන පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කලවාන කොලනිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

කලවාන කොලනියේදි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලද පුද්ගලයකු 1990 හදිසි ගිලන් රථ සේවය මගින් කාලවාන රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත් කර ඇත.

ගැටුම ඇති වූ අනෙක් පාර්ශවයේ පුද්ගලයකු ද ගැටුම නිසා තුවාල ලබා සිය යතුරු පැදියෙන් ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණ ඇති අතර ඔහු සඟවාගෙන ආ තියුණු ආයුදයකින් 1990 ගිලන් රථයෙන් රැගෙන ආ තුවාලකරුට පහරදීමට ගත් උත්සාහය තුවාල කරුගේ සහෝදරිය විසින් වළක්වා ඇත.

අවස්ථා තුනකදීම පිහියෙන් ඇනීමට ගත් උත්සහය වලැක්විමට ගිය එම කාන්තාවද තුවා ලබා ඇති අතර 1990 රෝහලට රැගෙන ආ තුවාලකරු පහරදීමට උත්සහ කළ තැනැත්තගෙන් පිහිය උදුරාගෙන ඔහු පසුපස පන්නාගෙන ගොස් ඔහුගේම පිහියෙන් පහරදී රෝහල් වාට්ටුවක් තුළදී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

පසුව තුවාලකරු රෝහලෙන් පැන පොලිසි යන බව පවසා පිටව ගියත් ඔහු ගිය තැනක් මෙතෙක් හමුවී නැතැයි පොලිසිය කියයි.