මොරොක්කෝවේ භූකම්පනයෙන් මියගිය ගණන 2,000 ඉක්මවයි

මොරොක්කෝවේ භූකම්පනයෙන් මියගිය ගණන 2,000 ඉක්මවයි

මොරොක්කෝවේ ඊයේ (09) හටගත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි භූකම්පනයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

බරපතළ තුවාල සිදු ව ඇත්තේ, මරකේෂ් නගරයට දකුණින් පිහිටි පළාත්වල පුද්ගලයන්ටය.

මොරොක්කෝ ඛේදවාචකය හේතුවෙන් එරට හය වැනි මොහොමඩ් රජු දින තුනක ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශ කර ඇත.

දිවි ගලවා ගත් අයට නවාතැන්, ආහාර සහ වෙනත් උපකාර සඳහ රජය කඩිනමින් මැදිහත් වන අතර, බොහෝ පුද්ගලයෝ එළිමහනේ සිය දෙවැනි රාත්‍රිය ගතකිරීම සඳහා සූදානම් වෙති.

මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ලෙස වාර්තා වූ අතර, ඉන් මරකේෂ් ඇතුළු නගර ගණනාවකට බලපෑවේය.

Powerful earthquake strikes Morocco, killing more than 2,000 : NPR

Morocco earthquake kills more than 2,000 and damages historic Marrakech | CNN

Share This