10 හැවිරිදි සාමනේර හිමිනමකට හදි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

10 හැවිරිදි සාමනේර හිමිනමකට හදි කළ දෙදෙනෙක් අත්අඩංගුවට

අවුරුදු 10 ක් වයසැති සාමනේර හිමිනමකට විහාරාධිපති හිමියන්ද මැදිහත්ව සමූහ ලිංගික හිංසනයක් සිදුකල බවට ලැබී ඇති පැමිණිල්ලක් මත 20 සහ 17 වියැති පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ වනවිට විදෙස් ගතව සිටින විහාරාධිපති හිමියන් සම්බන්දයෙන් විමර්ශන සිදුකරන බවත් මීගහතැන්න පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගහතැන්න කුම්ඹදූව සහ කළුපහන ප්‍රදේශයේ පදිංචි 20 සහ 17 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.

විහාරාධිපති හිමියන් තරුණයන් දෙදෙනාව විහාරස්ථානයට ගෙන්වා ආවාස ගෙය තුලදී සාමනේර හිමිට ලිංගික හිංසන සිදුකර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බව සදහන් වේ.

සැකකාර විහාරාධිපති හිමියන් මේ වනවිට සිංගප්පූරුවේ සංචාරයක් සදහා සහභාගී වී සිටින බවත් දිවයින පැමිණි පසු විමර්ශන සිදුකරන බවත් පොලිසිය පැවසීය.