ගෝඨාභයගේ “කුමන්ත්‍රණය” කෘතියේ පිටපත් සියල්ල පැය කිහිපයකදී විකිණී අවසන්

ගෝඨාභයගේ “කුමන්ත්‍රණය” කෘතියේ පිටපත් සියල්ල පැය කිහිපයකදී විකිණී අවසන්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත්‍රණය’ නම් කෘතිය ඊයේ (07) දින එළිදක්වා පැය කිහිපයක් ඇතුළත පළමු මුද්‍රණය විකිණි අවසන් වී තිබේ.

ඊයේ (07) පෙරවරුවේ වෙළඳ පොළට නිකුත් වූ මෙම කෘතිය පස්වරුව වන විට විකිණී අවසන් වී තිබූ බව අලෙවි නියෝජිතයන් සඳහන් කර සිටියා.

මෙම තත්ත්වය මත එහි දෙවන මුද්‍රණය ද වෙළඳපළට නිකුත් කරමින් තිබෙන අතර තුන්වෙනි මුද්‍රණය සඳහා ද කටයුතු සූදානම් කරමින් තිබෙන බව පැවසේ.

Share This