“මෝඛා” තවත් දරුණු වෙයි – නාවිකයන්ට හා ධීවරයන්ට නිවේදනයක්

“මෝඛා” තවත් දරුණු වෙයි – නාවිකයන්ට හා ධීවරයන්ට නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මෝඛා” සුළි කුණාටුව, චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී මැයි 11 දින පැය 23:30 වනවිට 12.70N සහ 88.10E ආසන්නයේ කේන්ද්‍රගත වී පැවතුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය උතුරු දෙසට ගමන් කරමින් ඉදිරි පැය 06 තුලදී මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව එහි දැක්වෙයි.

තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට ගමන් කරන මෙම පද්ධතිය මැයි 14 වන දින දහවල් පමණ ගිනිකොනදිග බංගලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ තිබෙන බව ද සඳහන් වෙයි.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 03 – 20 ත් සහ නැගෙනහිර දේශාංශ 85 – 100 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහුදින ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙයි.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම, මන්නාරම, මුලතිවු සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටුයුතු වල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

Share This