ජනපතිගෙන් මෝදි ට සුබ පැතුම්

ජනපතිගෙන් මෝදි ට සුබ පැතුම්

ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාවේ බහුතර බලය යළිත් වරක් හිමිකර ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ අයත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ මේ වනවිට සමත් වී තිබේ.

ඉන්දීය මහ මැතිවරණය පැවැත් වූයේ ලොක් සභාවේ ආසන 543 ක නියෝජිතයන් තෝරා ගැනීමටය.බහුතරය සඳහා ආසන 272 ක් දිනාගත යුතුව තිබුණි. මෝදි සහ ඔහුගේ පක්ෂය අයත් ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ මේ වනවිට ආසන 297 ක් දිනාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘කොග්‍රස් පක්ෂය’ අයත් ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය දිනා ගෙන ඇත්තේ ආසන 213 කි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ NDA පක්ෂයට මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කර තිබේ.

නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳව ජනතාව දක්වන විශ්වාසය මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාවල අඛණ්ඩ වර්ධනය පිළිබඳව විශ්වාසය පළ කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සුබ පතමින් පවසයි.

 

Share This