මෝදි දිවුරුම්දීම සෙනසුරාදා

මෝදි දිවුරුම්දීම සෙනසුරාදා

ඉන්දීය මහ මැතිවරණයෙන් පිටපිට තෙවැනි වරටත් ජය ලැබූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සිය තුන්වැනි ධුරකාලය සඳහා සෙනසුරාදා (08) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ නව කැබිනට් මණ්ඩලය ද එහිදී දිවුරුම් දීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මෝදි, ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට, නවදිල්ලියේ රාෂ්ට්‍රපතිභවන් බලා ගොස් තිබේ.

මෙවර මැතිවරණයෙන් මෝදී ගේ නායකත්වයෙන් යුතු සන්ධානය ආසන 543ක් සහිත පාර්ලිමේන්තුවේ ආසන 293ක් දිනාගෙන තිබූ අතර ඉන් ආසන 240ක් ම දිනාගෙන ඇත්තේ මෝදී ගේ භාරතීය ජනතා පක්ෂය යි.

Share This