අතුරුදන්ව සිටි අයෙකුගේ සිරුරක් ළිඳකින් හමුවේ

අතුරුදන්ව සිටි අයෙකුගේ සිරුරක් ළිඳකින් හමුවේ

මතුගම, වැල්කන්දල ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.

මියගිය පුද්ගලයා මතුගම, ඉද්දගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවට අනාවරණය වී තිබෙනවා.

ඔහු ඊයේ (13) සවස සිට අතුරුදන්ව ඇති බවට මතුගම පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බව පොලීසිය සඳහන් කරනවා.

මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.