web hit counter
උතුරු කොරියානු දිගු දුර මිසයිලයක් ජපාන මුහුදු සීමාවට පතිත වෙයි

උතුරු කොරියානු දිගු දුර මිසයිලයක් ජපාන මුහුදු සීමාවට පතිත වෙයි

උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික දිගදුර මිසයිලයක් මුදාහැර තිබෙනවා,

එම මිසයිලය ජපාන මුහුදු සීමාවට පතිත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

උතුරු කොරියාවෙන් ගුවන්ගත වුණු මිසයිලය, පැයක පමණ කාලයක් ගුවනේ පියාසර කර, ජපානය අසල මුහුදට පතිත වූ බව දකුණු කොරියා හමුදාව පවසා තිබේ.

උතුරු කොරියාවේ මෙම ක්‍රියාකලාපය හෙළා දකිමින් දකුණු කොරියානු සහ අමෙරිකානු නිලධාරීන් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.

දකුණු කොරියානු මුහුදු සීමාවට අමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීනයක් එවීමේ සැලැස්මට සහ ඒ අසල ගුවන් මෙහෙයුම් ඉහළ නැංවීමට දකුණු කොරියාව සහ අමෙරිකාව ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් උතුරු කොරියාව මෙම මිසයිලය මුදාහැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )