පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අකරතැබ්බයක්!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අකරතැබ්බයක්!

විදුලි සෝපානයක සිරවීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා ඊයේ (27) අකරතැබ්බයකට මුහුණ දී තිබේ.

ඒ මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලි සෝපානයේ ගමන් කරමින් සිටියදී එක්වරම එය ක්‍රියා විරහිත වී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ඒ මහතා සමග ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුද එහි සිට තිබේ.

මහජන දිනය වෙනුවෙන් ඊයේ පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට මන්ත්‍රීවරයා පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

පසුව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවකයින් සහ එහි සිටි පොලිස් නිලධාරීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා මන්ත්‍රීවරයාව සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාව පිටතට ගෙන තිබිණි.

කෙසේ වෙතත් මිනිත්තු 30කට පමණ ආසන්න කාලයක් මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරීන් එහි සිරවී සිට ඇත.

Share This