මීටියාගොඩ වෙඩි තැබීමක්

මීටියාගොඩ වෙඩි තැබීමක්

මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය එල්ල කළ වෙඩි තැබීමකින් අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන පුද්ගලයකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 42ක් පමණ වූ වාද්දූව ප්‍රදේශයේ පුද්ලයෙක් එලෙස මියගොස් ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් 9 වනදා රත්ගම ප්‍රදේශයේ දී අම්බලන්ගොඩ පොලිස් අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති බාලේන්ද්‍රසිංහ මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකුට මෙසේ වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

බාලේන්ද්‍රසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නිවසක රැඳී සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව, එම ප්‍රදේශයේ පිහිටි සැකකටයුතු ස්ථානය පරීක්ෂා කිරීමේ දී එහි රැඳී සිටි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ද පෙරළා වෙඩිතැබීම හේතුවෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී සැකකරු ජීවිතක්ෂයට පත්වු බව පොලීසිය පවසයි.