මීරිගම වෙළඳ සංකීර්ණයේ පුද්ගල ඝාතනයක්

මීරිගම වෙළඳ සංකීර්ණයේ පුද්ගල ඝාතනයක්

මීරිගම පොලිස් වසමේ මීරිගම පොදු වෙළෙඳ සංකීර්ණය තුළ දී වෙළෙඳාම් කටයුතු සඳහා පැමිණි දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් මත ඝාතනයක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (10) රාත්‍රියේ එම ඝාතනය සිදුව ඇති බවය.

තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතළ තුවාල ලැබුපුද්ගලයා ගිලන් රථයකින් රෝහල් ගත කිරීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාව වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවට තහවුරු වී තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 55ක් වු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සිදුකළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට පත්ව තිබේ.

Share This