T-56 පතුරම් පෙට්ටි 6ක් මුලතිව් ඉඩමකින් ගොඩ ගනී

T-56 පතුරම් පෙට්ටි 6ක් මුලතිව් ඉඩමකින් ගොඩ ගනී

මුලතිව් පොලිස් වසමට අයත් වලයාන මඩම් ප්‍රදේශයේ වලලා තිබු ටි-56 ගිණි අවි වලට යොදන පතුරම් 750 බැගින් අසුරා ඇති පෙට්ටි හයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

ප්‍රදේශයේ වැසියෙකු තල් ඇට සිටුවිමට පොලොව හාරද්දි මෙම පෙට්ටි දැක නාවික හමුදා ගෝඨාභය කදවුරට දැනුම් දිමෙන් පසු නාවික හමුදාව මෙම පෙට්ටි ටි-56 පතුරම් පෙට්ටි බවට හදුනා ගෙන පොලිසියට දැනුම් දිමෙන් පසු එම පෙට්ටි පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම පෙට්ටි විවෘත නොකල අලුත්ම පතුරම් පෙට්ටි විය හැකි බවත් එහි පතුරම් 4500 ක් ඇති බවත් පොලිසිය අනුමාන කරයි.අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම පතුරම් පෙට්ටි විවෘත කර ඉදිරි විමර්ශන සිදු කිරිමට නියමිත අතර මෙම පතුරම් යුද සමයේ කොටි සංවිධානය වලදැමු ඒවා බවට පොලිසිය සැක කරයි.