හෙට මැච් එක බලන්න ඉන්න අයට ගජ වාසියක්

හෙට මැච් එක බලන්න ඉන්න අයට ගජ වාසියක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (11) පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්‍ෂකයන්ට ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව, එම ක්‍රීඩාංගණයේ ‘සී’ සහ ‘ඩී’ ප්‍රේක්‍ෂකාගාරවල ඉහළ සහ පහළ ප්‍රේක්‍ෂකයන්ට නොමිලයේ තරගය නැරඹීමේ අවස්ථාව හිමිවන බවත් එම ප්‍රේක්‍ෂකාගාරවල දොරටු හෙට පස්වරු 1.00 සිට විවෘතව තබන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.