Master Chef 2024 කිරුළ ලාංකිකයෙකුට

Master Chef 2024 කිරුළ ලාංකිකයෙකුට

BBC TV විසින් 20 වැනි වරටත් සංවිධාන කළ Master Chef Champion 2024 තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පශු වෛද්‍යවරයෙකු වන බ්‍රින් පිරතාපන් සමත් වුණා.

ඒ අනුව එම තරගාවලියේ 20 වැනි ජයග්‍රාහකයා ලෙස ඉතිහාස පොත් අතරට එක් වූ 29 හැවිරිදි බ්‍රින් පවසන්නේ තමා ශ්‍රී ලංකික දෙමළ සම්භවයකින් පැමිණෙන බවත් තම ඉවුම් පිහුම් ශෛලිය සිය මව්පියන්ගෙන් ලැබී ඇති ශ්‍රී ලංකික උරුමයෙන් ආභාෂය ලබා ඇති බවත්ය.

Master Chef අවසන් තරගය පසුගිය 22 වැනිදා පැවැත්වුණු අතර වසර 20ක ඉතිහාසයේ මෙතෙක් පැවති හොඳම අවසන් තරගය ප්‍රේක්ෂකයින්ට දැක ගැනීමට හැකි වූ බව එහි විනිශ්චයකරුවෙකු වූ John Torode, බ්‍රින් පිරතාපන්ට සම්මානය පිරිනමමින් පැවසුවා.

තම පශු වෛද්‍යවරයෙකු ලෙස සේවය කළත් ඉදිරියේදී ඉවුම් පිහුම් ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට අදහසක් ඇති බවයි බ්‍රින් පිරතාපන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

MasterChef crowns 2024 winner in exciting finale

MasterChef 2024 winner unveiled as John Torode and Gregg Wallace praise  'best final ever' - Mirror Online