වසර විසි හයකට පසු රග්බි කිරුළ CR & FC ට

වසර විසි හයකට පසු රග්බි කිරුළ CR & FC ට

කොළඹ ලොන්ඩන් පෙදෙස ක්‍රීඩා පිටියේ පැවති අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට CR & FC කණ්ඩායම සමත් වුණා.

මෙහිදී වසර ගණනාවක් කිරුළ දිනා සිටි මහනුවර කණ්ඩායම සමඟ සී.ආර් කණ්ඩායම තරග වැදුණු අතර සී.ආර් කණ්ඩායම ලකුණු තිස්තුනට විසි පහක් ලෙස තරඟයේ ජය ගනිමින් රග්බි ලීග් ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

සී ආර් කණ්ඩායම ලකුණු තිස්තුන ලබා ගත්තේ උත්සාහක දිනුම් හතරක් ප්‍රවර්තන එකක් හා දඬුවම් පහර දෙකක් ලබා ගනිමිනි.

මහනුවර කණ්ඩායම උත්සාහක දිනුම් තුනක් ප්‍රවර්තන දෙකක් දඬුවම් පහර දෙකක් මගින් ලකුණු විසිපහක් ලබා ගත්තේය.

තරග අර්ධයේදී ලකුණු 13 ට හයක් ලෙස ඉදිරියෙන් සිටියේ මහනුවර කණ්ඩායමයි.

කාන්තා ශූරතාවය නාවික හමුදා කණ්ඩායම දිනාගත් අතර අනු ශූරයන් වූයේ යුධ හමුදා කාන්තා කණ්ඩායම යි.