web hit counter
බම්බලපිටියේ දැඩි රථ වාහන තදබදයක්

බම්බලපිටියේ දැඩි රථ වාහන තදබදයක්

මගී ගුවන් පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බම්බලපිටිය දුම්රියපළ ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, මුහුදුබඩ මාර්ගයේ කොටසක් බම්බලපිටිය දුම්රියපොළ ගුවන් පාලම අසලින් අද සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව වැල්ලවත්ත සිට මුහුදු මාර්ගයේ කොල්ලුපිටිය දක්වා පැමිණෙන වාහන සඳහා බම්බලපිටිය දුම්රියපොළ පාර ඔස්සේ ගාලු පාර වෙත ගමන් කර ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය දක්වා ගමන් කල හැකියි.

කොල්ලුපිටිය සිට මුහුදු මාර්ගයේ වැල්ලවත්ත දක්වා ගමන් කරන වාහන සඳහා ග්ලේන් ආබර් පෙදෙසට හැරී ගාලුපාරට පැමිණ , ඩුප්ලිකේෂන් පාර ඔස්සේ වැල්ලවත්ත දක්වා ගමන් කළ හැකියි

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )