හෝමාගම අවට ජනතාවට මුව ආවරණ පළදින්නැයි ඉල්ලීමක්

හෝමාගම අවට ජනතාවට මුව ආවරණ පළදින්නැයි ඉල්ලීමක්

හෝමාගම කර්මාන්ත පුරයේ ඊයේ රාත්‍රියේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක හටගත් ගින්න හේතුවෙන් පරිසරයට එල්ල වී ඇති බලපෑම නිසා අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්‍යක්ෂවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඇතිවූ ගින්න හේතුවෙන් මතුවිය හැකි ශ්වසන ආබාධ අවම කරගැනීම සඳහා එම ඒකකය මෙම විශේෂ ඉල්ලීම සිදුකර ඇත.

ඊයේ(17) රාත්‍රියේ හටගත් ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ හතක් යොදවා තිබුණු අතර ඒ අනුව කෝට්ටේ සහ හොරණ, නගර සභා ගිනි නිවන රථ සහ ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ කණ්ඩායමක් ද මේ සඳහා යොදවා තිබුණි.

ගින්නෙන් ජිවිත හානි කිසිවක් වාර්තා නොවන අතර හෝමාගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share This