නායකයින් කියලා හිතාගෙන ඉන්න අය සංක්‍රමණ ප්‍රතිපත්ති ගැන දැනුවත් විය යුතුයි

නායකයින් කියලා හිතාගෙන ඉන්න අය සංක්‍රමණ ප්‍රතිපත්ති ගැන දැනුවත් විය යුතුයි

නායකයින් කියලා හිතාගෙන ඉන්න අය කිසිඳු දැණුවත් වීමකින් තොරව විදේශ රැකියා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කළයුතු බවට යෝජනා කරන නමුත් 2008 වර්ෂයේදී පටන් අරගෙන 2015 වර්ෂයේදී නැවත සකස් කරලා, 2023 වර්ෂයේදී නැවත සමාලෝචනය කරපු ප්‍රතිපත්තියක් තිබෙන බව නොදැනුවත් වීම කණගාටුවකට කරුණක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

සැබෑ නායකයින් නම් මේවන විට තිබෙන ප්‍රතිපත්ති, නිර්මාණය වෙමින් තිබෙන ප්‍රතිපත්ති ගැන දැණුවත් වියයුතු බවද අමාත්‍යවරයා ඊයේ (25) දින පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී සැලැස්ම 2023 – 2027 ඊයේ (25) දින අමාත්‍යවරයාගේ ප්‍රධාන්තවයෙන් එළිදැක්වූ අවස්ථාවේදීය.

මෙම අවස්ථාව කොළඹ කින්ස්බර් හෝටලයේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහ සංවර්ධන හා සහෝගිතා පිළිබඳ ස්වට්සර්ලන්ත අයතනයේ නිලධාරීන්ගේ සහභගීත්වයෙන් පැවැත්වීය.

ජාතික හා ගෝලීය වශනේ ඇතිව තිබෙන නව ප්‍රවනතා සැලකිල්ලට ගනිමින් මෙම නව ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කර ඇති අතර ඊට සියලුම පාර්ශවයන්ගේ සහය ලබා ගැනීමටද පියවරගෙන තිබිණි.

මෙම ප්‍රතිපත්තිය 2008 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී ප්‍රථමයෙන් සකස් කළ අතර 2015 වර්ෂයේදී ආපසු පැමිණෙන විගමණික ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා සහ අභිලාෂ කෙරෙහි අවධානය යොමු කරමින් ආපසු පැමිණීම සහ පුනරුත්ථාපනය පිළිබඳ උප ප්‍රතිපත්ති සකස් කළේය.

ඒ අනුව 2018 වර්ෂයේදී පවතින ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම හා රැකියා සඳහා විගමනය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සැකසීම ආරම්භ කරන ලදී.

මේ සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහ සංවර්ධනය හා සහයෝගීතා පිළිබඳ ස්විට්සර්ලන්ත ආයතනයේ තාක්ෂණික සහ මූල්‍යමය සහයෝගයද ලැබිණි.

මෙලෙස සකස් වූ රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී සැලැස්මට මෙම වසරේ සැප්තැම්බර් 4 වැනිදා කැබිනට් අනුමැතියද හිමිවිය.

May be an image of 7 people, dais and text that says "Orgarttation Launch: Sri Lanka's Migration for Employment Blueprint T O"

May be an image of 8 people and wedding

 

Share This