මල්වතුහිරිපිටිය හිමිනම ඝාතනයට ආධාර අනුබල දුන් තරුණියක් අත්අඩංගුවට

මල්වතුහිරිපිටිය හිමිනම ඝාතනයට ආධාර අනුබල දුන් තරුණියක් අත්අඩංගුවට

මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩවිසූ හිමිනමකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (21) උදෑසන අරලගංවිල වේරගල ප්‍රදේශයේදී ඇයව අත්අඩංගුවට ගත් බවයි.

සැකකාරිය 22 හැවිරිදි වේරගල දේවගල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දීම, රැකවරණය ලබාදීම සහ සත්‍ය තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ සැකකාරියව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.