මුඛ පිළිකා වැළඳීමේ වර්ධනයක්

මුඛ පිළිකා වැළඳීමේ වර්ධනයක්

තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය තනූජා දක්ෂිලි පතිරාජ මහත්මිය ප්‍රකාශ කළේ, පසුගිය කාලසීමාව තුළ මුඛ පිළිකා වැළඳීමේ වර්ධනයක් පෙන්නුම් කළ බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර සිටියාය.

මේ අතර, කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා වැළදීම යම්තාක් දුරට අඩු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළාය.