කැලණි ගඟේ නාඳුනන මළසිරුරක්

කැලණි ගඟේ නාඳුනන මළසිරුරක්

පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක් පිටුපස කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි මළසිරුරක් හමුවී ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (17) සවස් කාලයේදී එම සිරුර සොයා ගෙන ඇත.

මෙම පිරිමි පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු අවුරුදු 55ත් 60ත් අතර වයසැති අඩි 05යි අඟල් 06ක් පමණ උසැති පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මේ වන විට මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

පෑලියගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share This