ආඳාදොල මල්ශාලා හිමිකරු ඝාතකයා පොලීසියට භාරවෙයි

ආඳාදොල මල්ශාලා හිමිකරු ඝාතකයා පොලීසියට භාරවෙයි

අම්බලන්ගොඩ ආදාදොල ආවාස වත්ත ප්‍රදේශයේදී හර්ස් රථයක් තුළ මල්ශාලා හිමිකරුවෙකු කපා කොටා ඝාතනය කිරීමේ සැකකරු ඊයේ (27) සවස නීතිඥයෙකු මාර්ගයෙන් අම්බලන්ගොඩ පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වතුගෙදර ආදාදොළ ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි දෙදරු පියෙකු බවයි, පොලිසිය පැවසුවේ.

සැකකරු විසින් මෙසේ ඝාතනය කර තිබුණේ, තෙල්වත්ත මළවැන්න දකුණ පදිංචි 47 හැවිරිදි සිව් දරු පියකු වන ගෝන පිනුවලගේ තුසිත කුමාර නමැත්තෙකු බවද පොලීසිය පැවසීය.

මෙම මල් ශාලා හිමිකරු ඝාතනය කර තිබුණේ, ජුනි මස 25 වැනිදා රෑ බවත් මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනුණේ ඔහුගේම මල් ශාලාවේ සේවය කළ සේවකයකු බවද පොලීසිය කියයි.

ඝාතනයට ලක්වූ මල් ශාලා හිමිකරු සිය භාර්යාව සමග පවත්වාගෙන යතැයි කියන අනියම් සම්බන්ධතාවය මේ ඝාතනයේ හේතුව බවට අනාවරණය වූ බවත් පොලීසිය පවසයි.

Share This