එකම පලිබෝධ නාශකය විවිධ නම් වලින් වැඩි මිලට විකිණීම නියාමනය කරන්නැයි ඇමතිගෙන් උපදෙස්

එකම පලිබෝධ නාශකය විවිධ නම් වලින් වැඩි මිලට විකිණීම නියාමනය කරන්නැයි ඇමතිගෙන් උපදෙස්

එකම පලිබෝධ නාශකය විවිධ නම් වලින් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව වහාම නියාමනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා .

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ නොරොච්චෝලේ හා කල්පිටියේ ගොවි සංවිධානවල නියෝජිතයින් හමු වූ අවස්ථාවේ දීයි.

එකම පලිබෝධ නාශකය විවිධ නම් යොදා ගනිමින් වැඩි මිලකට අලෙවි කිරීම නිසා ගොවීන් මහත් පීඩාවට පත්ව ඇති බවට මෙහිදී ගොවි සංවිධාන අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළ බවයි පැවසෙන්නේ

විශේෂයෙන් පලිබෝධ නාශක නම් කිරීමේ දී වල් නාශක හා කෘමිනාශකවල ඇතුළත් වන නාමයෙහි සියයට 75ක් එහි අඩංගු රසායනික නාමය ඇතුළත් වන සේ නාමකරණය කළ යුතුව තිබෙනවා .

එහෙත් ඇතැම් ප්‍රදේශවල අලෙවි කරන පලිබෝධනාශක වල අඩංගු වන නාමයන් එසේ නොමැති බවත්, බොහෝ පලිබෝධ නාශක වගාවන්ට යෙදුව ද නිසි ප්‍රතිඵල නොලැබෙන බවත් ගොවීන් මෙහිදී පෙන්වා දී තිබෙන බවයි පැවසෙන්නේ