බෝට්ටු දෙකක් එකිනෙක ගැටී 9කට තුවාල

බෝට්ටු දෙකක් එකිනෙක ගැටී 9කට තුවාල

කිළිනොච්චිය පුනරීන් මුහුදේදී බෝට්ටු දෙකක් එකිනෙකට ගැටීම නිසා පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇත.

පුනරීන් පලයතීව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට යමින් සිටි බැතිමතුන් රැගත් බෝට්ටු දෙකක් අධික වේගයෙන් ගමන් කිරීම නිසා එම බෝට්ටු දෙක එකිනෙක ගැටී පුද්ගලයින්ගෙන් හතර දෙනෙකු මුහුදට අද වැටී ඇත.

පසුව මුහුදට අද වැටුණු පුද්ගලයින් සෙසු පිරිස විසින් බේරා ගෙන ඇති අතර අනතුරට පත් බෝට්ටු දෙකම මගීන් ප්‍රවාහනය කෙරෙන බෝට්ටු නොවන අතර කිළිනොච්චියේ ධීවරයන්ට අයත් ධීවර බෝට්ටු දෙකක් බව පුනරීන් පොලීසිය ප්‍රකාශ කරයි.

මෙම අනතුරට ලක්ව ඇත්තේ දේවස්ථානයේ මංගල්‍යට සහභාගී වීමට පැමිණි බෝට්ටු අයත් පවුල් දෙකේ හිතවතුන් පිරිසකටය.

තුවාල කරුවන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර පුනරීන් පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Share This