මඩු රක්ෂිතයේ දී අතුරුදන් වූ කොස්තාපල් හමුවෙයි

මඩු රක්ෂිතයේ දී අතුරුදන් වූ කොස්තාපල් හමුවෙයි

දර කැපීම සදහා මන්නාරම මඩු රක්ෂිතය තුළ ට ගොස් සිටියදි අතුරුදන්ව සිටි කොස්තාපල්වරයා මීට සුළු මොහොතකට පෙර සොයාගෙන තිබේ.

අතරමංව සිටි කොස්තාපල්වරයා මඩු පණ්ඩිරිච්චාන් ගම්මානය අසල බෝක්කුවක් මත වාඩි වී සිටියදි පොලිස් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.

මන්නාරම පොලිසියට අනුයුක්තව සිටි හය දෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් ට්‍රැක්ටර් රථයකින්⁣ ඊයේ (19) පස්වරුවේ මඩු රක්ෂිතය බලා ගොස් ඇති අතර එහිදී ඔවුන් අතර සිටි ඉහත කොස්තාපල්වරයා අතුරුදන්ව ඇති බවට හෙළී වී තිබේ.

 

Share This