ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය හෙට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය හෙට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසිය හෙට කොළඹදී (14) පැවැත්වීමට නියමිතව තිබේ.

වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී තිබෙන අතර අදාළ වෙන්දේසිය පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිතයි.

වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට අවම වශයෙන් ක්‍රීඩකයින් 16 දෙනෙකු මිලදී ගැනීම සිදුවන අතර ඒ සදහා විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනෙකුද ඇතුළත් විය යුතු වේ.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් වියදම් කිරීමේ හැකියාව පවතී.

සිව්වැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන මස ඇරඹීමට නියමිතයි.

 

Share This