LPL තරඟාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අද සිට

LPL තරඟාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අද සිට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3.00 සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ජූලි 01 වනදා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන අතර එහි පළමු තරගය Kandy Falcons සහ Dambulla Sixers කණ්ඩායම් අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

LPL තරගාවලියේ තරග 5ක් නුවරදී පැවැත්වෙන අතර අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්.

Share This