ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නව කොන්දේසි ගැසට් කෙරේ

ඛනිජ තෙල් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නව කොන්දේසි ගැසට් කෙරේ

ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනුයි, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත යටතේ අදාළ නියෝග නිකුත් කර ඇත්තේ.

ඒ අනුව, බලපත්‍රයක් ප්‍රදානය කිරීමේදී අමාත්‍යංශ ලේකම්වරයා වෙත බලය පැවරෙන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඛනිජ තෙල් ආනයනය, අපනයනය, මෙරට තුළ විකිණීම, සැපයීම හෝ බෙදාහැරීම සඳහා අයදුම්කරුවෙකු ඉදිරිපත් වන්නේනම් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් වියයුතු අතර ආයෝජන මණ්ඩල නියෝගවලට අනුකූල විය යුතු බව ගැසට් නිවේදනයේ දැක්වේ.

 

Share This