සජීවී අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට නිකුත් කිරීමේ සිදුවීම් ඉහළට – පිරිසක් දැනටමත් අත්අඩංගුවට

සජීවී අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට නිකුත් කිරීමේ සිදුවීම් ඉහළට – පිරිසක් දැනටමත් අත්අඩංගුවට

යෞවනයන් සම්බන්ධ ලිංගික අන්තර්ගතයන් සජීවීව විකාශනය කිරීම සම්බන්ධ සිදුවීම් වල වැඩිවීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මෙම නීති විරෝධී ක්‍රියාකාරකම් කරන තැනැත්තන් මෙවැනි අන්තර්ගතයන් අන්තර්ජාතික සමාගම් වලට විකුණන බව කියනු ලැබේ.

පොලිසිය විසින් මෑතකදී කරන ලද හෙළිදරව් කිරීම්වලට අනුව, මෙම නීති විරෝධී ක්‍රියාකාරකම් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත්තේ ඒවායේ ලාභදායි ස්වභාවය හේතුවෙනි.

මූලික වශයෙන් වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණ ජෝඩු සම්බන්ධයෙන් සැළකිව යුතු පැමිණිලි සංඛ්‍යාවක් ගොනු කර ඇති බව පොලිසිය අනාවරණ කරයි.

මෙම පුද්ගලයන් සජීවී ලිංගික දර්ශනවල නිරත වන බව වාර්තා වන අතර, ඒවා පටිගත කර සැළකිව යුතු ලාභයක් සඳහා විදේශයන්හි විවිධ සමාගම්වලට විකුණන බව හෙළි වී ඇත.

මෙම දර්ශන ඇතුළත් ක්ලිප්වලින් සමහරක් ප්‍රමුඛ පෙළේ අසභ්‍ය වෙබ් අඩවි වෙත ගොස් ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රවණතාව මැඩපැවැත්වීම සඳහා බලධාරීන් සිය උත්සාහයන් තීව්‍ර කර ඇති අතර මෙම සිදුවීම් සම්බන්ධයෙන් දැනටමත් අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සිදු කර ඇත.

සජීවී ලිංගික වීඩියෝ දර්ශන චීන සමාගමකට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළියන්දල පොලිසිය විසින් පසුගියදා අනාවරණ කරගෙන තිබේ.

Share This