මොලේ උණ සෑදී ගාල්ල බන්ධනාගාර රැඳවියෙක් මිය ගිය පසු ගත් තීරණය

මොලේ උණ සෑදී ගාල්ල බන්ධනාගාර රැඳවියෙක් මිය ගිය පසු ගත් තීරණය

මොළයේ උණ යැයි සැක කෙරෙන රැඳවියෙකු ගාල්ල බන්ධනාගාරයේ මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව කඩිනම් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගාල්ල බන්ධනාගාරයේ සිටින සියලුම රැඳවියන්ට සහ නිලධාරීන්ට මොළේ උණ ප්‍රතිශක්තීකරණ ඖෂධ කඩිනමින් ලබාදී ඇති බවයි බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා කියා සිටියේ.

මෙම පූර්වාරක්ෂක පියවර මගින් බන්ධනාගාරයේ සීමා සහිත පරිසරය තුළ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීම අරමුණු කරන බව ද ඔහු පැවසීය .

මීට අමතරව ගාල්ල බන්ධනාගාරය වෙත යොමු කෙරෙන සැකකරුවන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමට අධිකරණය පියවර ගන්නා බව ද වෛද්‍ය රණසිංහ මහතා ප්‍රකාශ කළා.

Share This