සිඟිති දියණියට ආහාර ලබාදෙමින් සිටි මවට අපස්මාරය වැළඳී දියණිය ජීවිතක්ෂයට

සිඟිති දියණියට ආහාර ලබාදෙමින් සිටි මවට අපස්මාරය වැළඳී දියණිය ජීවිතක්ෂයට

තම සිඟිති දියණියට ආහාර ලබාදෙමින් සිටි 26 හැවිරිදි මවකට අපස්මාර රෝගය වැළදීම හේතුවෙන් ආහාර ගනිමින් සිටි දියණිය ආහාර උගුරේ සිරවීමෙන් ජිවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.

මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ බගවන්තලාව බ්‍රිඩ්වේල් වත්තේ පදිංචි අරුමුගන් අගල්යා නැමති සිගිත්තියයි.

දැරියගේ මව දිවා ආහාර පිලියෙල කර නිවස තුලදී දැරියට ආහාර ලබා දී ඇති බවත්, එම අවස්ථාවේ එකවරම මවට අපස්මාර රෝගය වැළදිම නිසා ආහාර අනුභව කරමින් සිටි දැරිය උගුරේ ආහාර සිරවිමෙන් මව බදාගෙන බිම වැතිරි සිටියදි අසල්වාසින් විසින් දැක මව සහ සිගිත්තිය ඊයේ (25) රෝහල් ගත කළ අවස්ථාවේ සිගිත්තිය ජීවිතක්ෂයට පත් වී ඇති බවයි, බගවන්තලාව පොලිසිය පැවසුවේ.

ජීවිතක්ෂයට පත් සිගිත්තියගේ මව දිගු කාලයක් අපස්මාර රෝගයෙන් පෙලී ඇති බවත්, ඒ සදහා ඇය ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මිය ගිය සිගිත්තියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සදහා සිරුර දික්ඔය මුලික රෝහල වෙත යොමු කර ඇත.

Share This