හිටපු යුද හමුදාපති ජෙනරාල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

හිටපු යුද හමුදාපති ජෙනරාල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

මෙරට 16 වන යුද හමුදාපතිවරයා වූ ලුතිනල් ජනරාල් ලයනල් බලගල්ල මහතා නාරහෙන්පිට යුදහමුදා රෝහලේදී අද (26) අලුයම අභාවප්‍රාප්ත වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පැවසීය

මියයන විට ඒ මහතා 75 වන වියෙහි පසුවුණි.

ජෙනරාල් බලගල්ල මහතා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 2000 – 2004 අතර කාලය තුළ 16 වැනි යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

හිටපු යුද හමුදාපතිවරයාගේ දේහය මේ වන විට කඩුවෙල කොතලාවල සමනල පාරේ අංක 21/12 දරන ස්ථානයේ තැන්පත් කර තිබේ.

ඔහුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දීමට නියමිතයි.