ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

අද (17) රාත්‍රියේ ප්‍රබල අකුණු ඇති විය බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව, උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් නුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි, නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

Share This