ලොව සතුටින්ම සිටින රටවල් අතර ලංකාවට හිමි වූ තැන – පළමු ස්ථානය ෆින්ලන්තයට

ලොව සතුටින්ම සිටින රටවල් අතර ලංකාවට හිමි වූ තැන – පළමු ස්ථානය ෆින්ලන්තයට

ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස අඛණ්ඩව හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් වී තිබේ.

ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ, 2024 වර්ෂය සඳහා ලෝකයේ සතුටින්ම ජීවත් වන සහ ජීවත් වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත් වෙමිනි.

ලොව සතුටින්ම සිටිය හැකි රටවල් තේරීම සෑම වසරකම සිදුවෙයි. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි.

මෙවර, රටවල් 143 ක් සම්බන්ධ කර ගනිමින් ජනමත සමීක්ෂණ පවත්වා සතුටින්ම සිටින රටවල ලැයිස්තුව සකස් කෙරුණි.

දළ දේශීය නිෂ්පාදනය, වැසියන්ගේ ආයු අපේක්ෂා කාලය, ජීවිතයේ තීරණ ගැනීමට ඇති නිදහස, ත්‍යාගශීලී බව, රාජ්‍ය අංශයේ දූෂිත මට්ටම සහ සමාජ සහයෝගිත්වය යන කරුණු පදනම් කර ගනිමින් ලොව සතුටින්ම සිටිය හැකි රට තේරීම සිදුවෙයි.

ෆින්ලන්තය සැලකෙන්නේ නෝර්ඩික් කලාපීය රටවල් අතරටය. ෆින්ලන්තයට පසු පිළිවෙළින් ලොව සතුටින්ම සිටිය හැකි රටවල් අතරට වෙනත් නෝඩික් රටවල් වන ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්වීඩනය සිටී.

ලොව සතුටින්ම සිටිය හැකි රටවල් ලැස්තුවේ අවසන් ස්ථානයේ එනම් 143 වැනි ස්ථානයේ පසුවන්නේ, 2021 වසරේ ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු යළි තලේබාන්වරුන්ගේ ග්‍රහණයට නතු වුණු ඇෆ්ගනිස්තානයයි.

මෙම ලැයිස්තුවට අනුව, මහා බ්‍රිතාන්‍යය 20 වැනි ස්ථානයේත් ඇමෙරිතාව 23 වැනි ස්ථානයේත් පසුවෙයි.

ශ්‍රී ලංකාව ඇත්තේ 126 වැනි ස්ථානයේය.

ඉන්දීයාව, පාකිස්තානය, කෙන්යාව, උගන්ඩාව, ටියුනීසියාව යන රටවල් ශ්‍රී ලංකාවට වඩා ඉහළ ස්ථානවල පසුවෙයි.

Share This