ජුලි 1 සිට විදුලි ගාස්තු අඩු වන්නේ මෙහෙමයි

ජුලි 1 සිට විදුලි ගාස්තු අඩු වන්නේ මෙහෙමයි

ජූලි මස පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සංශෝධන කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.

විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3%ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියට යටත්ව ප්‍රකාශයට පත් කර ඇති එම ගාස්තු සංශෝධනයේ දී අඩු ආදායම් ඛාණ්ඩය ලෙස සැලකෙන ඒකක 0සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9කින් අඩු කිරීමට නියමිත බව එම කොමිසම කියයි.

මීට අමතරව ඒකක 31සිට 60 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 10.8කින් ද, ඒකක 61 සිට 90දක්වා විදුලි ගාස්තුව සියයට 7.2කින්ද, ඒකක 91සිට 180දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 3.4කින්ද ඒකක 180ට වැඩි කාණ්ඩයේ ගාස්තුව සියයට 1.3කින් ද පහත දමා තිබේ.

තවද ආගමික ස්ථාන සහ පුණ්‍ය ආයතනවල විදුලි ගාස්තුව සියයට 3.2කින් පමණ අඩු වී ඇත. හෝටල් කර්මාන්තයේ විදුලි ගාස්තුව සියයට 12.6කින් පහත දැමෙනු ඇත.

කර්මාන්ත, පොදු කාණ්ඩ, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන යන කාණ්ඩ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවන බව සඳහන්ය.