රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති ලක්ෂ 9කට ආසන්න රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් ඉදිරි මාස 6 තුළදී නිකුත් කිරීමට හැකිවනු ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පැවසුවේ පසුගිය සඳුදා දිනයේ දී රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර තුනක් තමා වෙත ලැබුණු බවයි.

මෙසේ ඉතිරිව ඇති රියදුරු බලපත්‍ර මාස 6ක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම මුදල් ලබා ගනිමින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This