ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදට වසර 15යි – ඝාතකයින් තවමත් නිදැල්ලේ

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදට වසර 15යි – ඝාතකයින් තවමත් නිදැල්ලේ

රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ දී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට, 2024 ජනවාරි 08 වැනි දාට එනම් අද (08) දිනට වසර 15ක් ගත වනවා.

New details raise questions about whether Sri Lankan president was  complicit in the killing of journalist Lasantha Wickrematunge - Committee  to Protect Journalists

ඒ වෙනුවෙන් වන ගුණ සමරුවක් අද පෙරවරු 09.00ට බොරැල්ල කනත්තේ පිහිටි වික්‍රමතුංග මහතාගේ සුසානය අසල සිදු කෙරෙන අතර, ඉකුත් සැමරුම් සියල්ලේ මෙන් ම මෙම සැමරුම දක්වා ද වසර පහළොවක කාලයක් ගෙවී ගොස් ඇත්තේ, වික්‍රමතුංග මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට යුක්තිය යනු කුමක් ද යන්න පිළිබඳ ප්‍රශ්නය පමණක් ම ඉතිරි කරමින්.

වික්‍රමතුංග ඝාතනයේ ආසන්න ම හේතුව බව රටට පැතිරුණේ, යුධ සමයේ දී සිදු කෙරුණු මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ලසන්ත විසින් කරුණු වාර්තා කිරීමයි.

Monara

කෙසේ නමුත් වසර පහළොවක් ගත වන තැන මිග් යානා ගනුදෙනුව ගැනවත්, ලසන්ත ඝාතනය ගැනවත්, සත්‍ය ලොවට අනාවරණය වී නැති අතර කරුණු වශයෙන් හෙළිදරව් වූ මහා විශාල ගනුදෙනු හා වංචා දහස් ගණනක වගකිවයුත්තන් ගැන සහ ඒවාට නියෝග ලබාදුන්නේ කවරෙක්ද යන්න පිළිබඳව හෙළිදරව් කිරීමට පරීක්ෂකයන් මෙතෙක් අපොහොසත් වී තිබේ.

එවන් සිදුවීම් සහ වංචා දූෂණ වලටත්, ලසන්ත වික්‍රමතුංග ඇතුළුව මර්දනයේ ගොදුරු වූ මාධ්‍යවේදීන් ඇතුළු තවත් ගණනකගේ ජීවිත වලට යුක්තිය ඉටු කරන්නේ යැයි පවසමින් 2016 වසරේ බලයට පැමිණි යහපාලන ආණ්ඩුව ඉටුකළ යුක්තියක් ද නැත.

මේ පළවෙන්නේ එවකට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ලසන්තගේ අවමගුලට සහභාගී වීමට ‌බොරුල්ල කනත්තට පැමිණ ඔහුගේ මිනීවළට පස් දමන ඡායාරූපයකි.

එවකදී වික්‍රමසිංහ මහතා දැඩිව කියා සිටියේ ලසන්තගේ ඝාතකයන්ට දඩුවම් ලබා දීමට පියවර ගන්නා බවකි.

අද රටේ ජනාධිපතිවරයාව සිටින්නේ ද රනිල් වික්‍රමසිංහ මහතාය.

නමුත් තවමත් ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිළිබදව කිසිදු ප්‍රගතියක් දැකගන්නට නැත.

ඒ පිළිබදව සොයා බැලීමට කමිටුවක් හෝ පත් කරන පාටක් පෙනෙන්නට නැත.

Share This