ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තුවට

ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තුවට

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් ඊයේ පැවති මහ මැතිවරණයෙන් පහසු ජයක් වාර්තා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වී තිබේ.

ෂකීබ් අවාමි ලීග් පක්ෂයේන් මගුරා -01 ප්‍රදේශයට තරග කරමින් ඔහුගේ සමීපතම ප්‍රතිවාදියා වන කාසි රෙසාවුල් හොසේන්ට වඩා ඡන්ද 1,50,000 ක පරතරයකින් මහ මැතිවරණය ජයගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙවර බංග්ලාදේශ මහ මැතිවරණයෙන් අවාමි ලීගයෙන් තරග කළ අගමැති සීක් හසීනා අඛණ්ඩව සිව්වැනි වරටත් බලය තහවුරු කරගෙන තිබේ.

ඇයගේ පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 300 න් 200 ක් දිනාගෙන තිබේ.