පාසල් දරුවන් හෘදයාබාධ වලට ලක්වීමේ අවදානමක්

පාසල් දරුවන් හෘදයාබාධ වලට ලක්වීමේ අවදානමක්

පාසල් වයසේ පසුවන දරුවන් පවා අඩු වයසින් හෘදයාබාධ වලට ලක්වීමේ අවදානමක් පවතින බව කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ආතතිය, ආහාර රටාව සහ ව්‍යායාම අඩුකම ඊට හේතු වී ඇති බවයි.

ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර කටයුතු කිරීමෙන් අඩු වයසින් හෘදයාබාධ තත්ත්වයන්ට මුහුණදීමේ අවධානම මගහරවා ගත හැකි බව විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )