ලක්ෂ්මන් විජේමාන්න සජබය සමග එක් වෙයි

ලක්ෂ්මන් විජේමාන්න සජබය සමග එක් වෙයි

එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගය හා එක්විය.

එහිදී ඔහු ඉදිරි මැතිවරණවලදී සිය පූර්ණ සහයෝගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට ලබාදෙන බවද සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලට පැමිණ ඔහු සිය සහයෝගය පළ කරනු ලැබීය.

ලක්ෂ්මන් විජේමාන්න මහතා එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් හිටපු නායකයා ලෙසද කටයුතු කළේය.

COMMENTS