ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක්වෙයි

ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක්වෙයි

ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ මාර්ගයේ 117 කණුව ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබේ.

අද (14) පෙරවරු 07.45ට පමණ තිරිමාන්න ගමන්ගත් මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි, වාර්තා වෙන්නේ.

ලහිරු තිරිමාන්න මහතා ඇතුළු පිරිස නුවර සිට අනුරාධපුරය දෙසට එමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසි පැවසිය.

ඉන් ළහිරු තිරිමාන්න, ඔහුගේ පවුලේ අය සහ ලොරි රථ රියදුරා තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.